කාරි නෑ සඳ - මෙතුන් SK ( Kaari Na Sanda - Methun SK) Lyrics

ලියවුනා ඔබ ගැන කවි පෙලක්

මැල වුනා රෑ තුන් යාමයක්

හද පලා යන දුක එක්කහු කරගෙන

ඉන්නවා මම මග බලන්


හේතු හෙව්වේ ඔබේ රුව දැක ගන්න ආසා හින්දා මං

පුන්සඳක් පායන්නේ කොහොමත්

මාසෙකට සැරයක් නේ බං


ඔබෙ ආදරේකට ආසයි හේතු වෙන්නට

කාරි නෑ සඳ ඔබ දැක ගන්න නෑ අද


ඔබෙ ආදරේකට ආසයි හේතු වෙන්නට

කාරි නෑ සඳ ඔබ දැක ගන්න නෑ අද

තාරුකා එලි ඇවිලිලා නැති පාළු අම්බරේ

පායනාතුරු බලා ඉන්නම් කන්ද පාමුලේ

වලාකුල් මැකිලා කවදා යයිද ආකහේ

ඵලක් නැතිවත් හෙටත් එන්නම් හිරුත් ඒ වගේ


ඔබ පායනා දින කෙනෙකුට එලිය දෙන්නට

කාරි නෑ සඳ මගේ ලොව එලිය නොවුනට


ඔබෙ ආදරේකට ආසයි හේතු වෙන්නට

කාරි නෑ සඳ නුඹ දැක ගන්න නෑ අද


ගායනය : මෙතුන් SK 

පද රචනය : මෙතුන් SK 

සංගීතය : වයනක පෙරේරා 



 

Post a Comment

Previous Post Next Post