ZD8 - කොහොඹ කණුවේ රැහැයියො ඉන්නවා - චරිත අතලගේ ( ZD8 - Charitha Attalage ) Lyrics

කොහොඹ කණුවේ රැහැයියො ඉන්නවා

උන් රෑ මගෙ තනිකම මකනවා

නුඹ තාමත් දොරකඩ ඉන්නවා දැනෙනවා


රෑ හීනෙන් ඇවිදින් ඉන්නවා

උඹ කකුලෙන් අදිනවා දැනෙනවා

මම දන්නේ නැතිවම කඳුලක් වැටෙනවා


ඒත් අසලින් ඇවිදින් ඉන්නවා

මට ඒ බව ඉඳහිට දැනෙනවා

නුඹ තාමත් ගෙපිලේ ඉන්නව හැඟෙනවා


රෑට හීනෙන් ඇවිදින් ඉන්නවා

නුඹ කෙනිත්තුවා මට දැනුනා

රැහැයියො නාඩන් හාමිනෙ තවමත් ඉන්නවා


සුදු පාටින් නෑ සිල් රෙදි කහ පාටට හැරිලා

සේපාලිකා මල් සංකාවෙන් තනියම පිපිලා

පිපුණු පැණිකොමඩු මල් එතැනම පරවී වැටිලා

මගේ පොඩී එකී තුන් මාසෙන් පසු ගම යනවා


ගේ මැද පාළුයි මතකය පෑරෙයි 

යන එන හැම තැන නුඹ මැවිල පෙනෙයි

ඉරිඟු හේන මහා ඔත්පල වෙනවා 

මගෙ ඇතින්නියේ නුඹ මහ ඇල අරගෙන යනවා


හතර පෝයට නුඹ සිල් ගන්නවා

උරබන්දිය විස්තර අහනවා

නුඹ තාමත් දොරකඩ ඉන්නවා දැනෙනවා


වැඳපු දෙවිවරු නෑ අද වඩිනවා

නුඹ මඟහැරලා උන් ඉන්නවා 

මම දන්නේ නැතිවම කඳුලක් වැටෙනවා


හවස් යාමෙට නුඹෙ කවි ඇහෙනවා

මම දෑස් වසාගෙන අහනවා

නුඹ තාමත් ගෙපිලේ ඉන්නව හැඟෙනවා


වැරදිකාරයෝ මුනිවත රකිනවා

දඬුවම් නැති බව උන් දන්නවා

නුඹ උදුරාගිය ඇල තවමත් ගලනවා


රෑට හීනෙන් ඇවිදින් ඉන්නවා

නුඹ කෙනිත්තුවා මට දැනුනා

රැහැයියො නාඩන් හාමිනෙ තවමත් ඉන්නවා


ගායනය : චරිත අතලගේ
පද රචනය : කසුන් එදිරිසිංහ
සංගීතය : චරිත අතලගේ


 

Post a Comment

Previous Post Next Post